පකිස්තානයේ සහ එරට පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 300කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 200කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බවත් බුනර් නමැති දිස්ත්‍රික්කයට ගංවතුරෙන් වැඩිම බලපෑම සිදුවී ඇති බවත් ය.
බුනර් ප්‍රදේශයේ නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ, මෘත ශරීර භාර ගැනීමට පවුලේ සාමාජිකයන් කිසිවෙකුත් ජීවතුන් අතර නොමැති වීම හේතුවෙන් හඳුනා නොගත් මළ සිරුරු අටක් ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් භූමදාන කර ඇති බව ය.
මාර්ග දැඩි ලෙස හානි වී ඇති බැවින් සමහර ඥාතීන්ට තම ඥාතීන්ගේ මළ සිරුරු ලබා ගැනීමට ද නොහැකි වී ඇති බව ඔහු තවදුරටත් පවසා ඇත