අමෙරිකාව UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයි

අමෙරිකාව UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයි

යුනෙස්කෝ සාමාජිකත්වයෙන් තමන් ඉවත්වෙන බව අමෙරිකා එකසත් ජනපදය නිවේදනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන එජන්සිය ඊශ්‍රායලයට පක්ෂග්‍රාහිව කටයුතු කිරීම සහ බෙදුම්කාරී තත්ත්වයන් ප්‍රවර්ධය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණයට එළැඹුන බව අමෙරිකා එකසත් ජනපදය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය අද (22) යුනෙස්කෝවෙන් ඉවත් වූ බව මෙලෙස නිවේදනය කළේය.

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් සඳහන් කර ඇත්තේ යුනෙස්කෝවේ අඛණ්ඩ මැදිහත්වීම එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවයට නොගැල පෙන බවය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදයෙන් ඉවත් වීම අපේක්ෂා කළ අතර, 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  2017 වසරේ ඔහුගේ පළමු ධුර කාලය තුළදී ද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයෙන් ඉවත් වීමට ද නියෝග කළේය. 

කෙසේවෙතත් ඉන්පසුව අමෙරිකාවේ පාලන බලය හිමිකරගත් ජනාධිපති ජෝ බයිඩන් විසින් එම සාමාජිකත්වය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කළේය

Search