ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව තිබෙනවා.
ඒ බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි කියා ඇත.
ඒ එරට රාජ්‍ය ගුවන් විදුලි නාලිකාවකට එක් වෙමින් ය.
එමෙන්ම, එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය විසින් හානිය තක්සේරු කරමින් සිටින බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු සදහන් කර ඇත්තේ එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ය.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි
