ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලින් පසුව, ලොව පුරා සිටින ඇමරිකානුවන්ගෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඒ ගැන සඳහන් කරමින්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු පුරවැසියන් සඳහා ලොව පුරා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ “පාලන වෙනසක්” ගැන ඉඟි කරමින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.
ඒ “වත්මන් ඉරාන පාලනයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට නොහැකි නම්, පාලන තන්ත්‍ර වෙනසක් සිදු නොවන්නේ ඇයි?” යනුවෙන් විමසමිනි.
මේ අතර එල්ලවන පීඩනයට මුහුණදීම සඳහා ප්‍රතිචායක් ලෙස ඉරානය හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීන්දුවක් ගෙන ඇති අතර ඒ හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ද ඉහළ යමින් පවතී.
මේ හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.