සිරියාවේ ඩැමැස්කස්හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, තවත් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
ඊයේ (ජූනි 22) සවස දේව මෙහෙය අතරතුරදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරකයා IS සටන්කාමීන් සමග සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍යව වාර්තා කරයි