තුන්වෙනි ලෝක යුද්ධයට අත වනමින් ඉරානය අති බලගතු Kheybar-Shekan මිසයිල මගින් ඊශ්‍රායලයට පහර දෙයි

තුන්වෙනි ලෝක යුද්ධයට අත වනමින් ඉරානය  අති බලගතු Kheybar-Shekan මිසයිල මගින් ඊශ්‍රායලයට  පහර දෙයි

ඉරානය විසින් ඊශ්‍රායල භූමිභාග ඉලක්ක කරමින් සිදුකරන නවතම මිසයිල් ප්‍රහාර මාලාව සෘජු ලෙස ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරක්ද, නැතහොත් ඊශ්‍රායල විසින් දිගටම සිදුකරන ප්‍රහාරවලට එරෙහිව සිදුකරන පළිගැනීමක්ද යන්න පිළිබඳව සම්පූර්ණ විශ්වාසයක් නොමැති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදාව (IRGC) නිකුත් කළ නවතම නිවේදනය අනුව, ඊශ්‍රායල බිම්වලට එල්ල වූ විසිවන මිසයිල් ප්‍රහාර තරංගය පැයකට පෙර ආරම්භ වී ඇත.

මෙම ප්‍රහාර මාලාවේ දී ඉරානය ඔවුන්ගේ විශේෂිත උසස්තම Kheybar-Shekan මිසයිල පද්ධතියද යොදවා ඇති බව IRGC පවසා ඇති අතර, ඊශ්‍රායල විසින් ඉලක්ක කරනු ලබන න්‍යෂ්ටික බලාගාර, හමුදා මූලස්ථාන සහ කලාපවලට පිළිතුරු ලෙස මෙය සිදුකරන බවද තහවුරු වෙයි.

ඇමරිකානු ප්‍රහාර දැඩිව විවේචනය කරමින් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, අදාළ ප්‍රහාරයන් සිදුවූයේ ඉරානය රාජතාන්ත්‍රික සාකච්ඡා අතරතුර සිටින අවස්ථාවක බවත්, ඒ අනුව මෙය ජාත්‍යන්තර නීතියට සෘජු පීඩාකාරී උල්ලංඝනයක් බවත්ය.

 
මෙම තත්ත්වය මධ්‍යපෙරදිග තුළ සන්සුන්භාවයට ගැටලුවක් වන අතර, ඉදිරියේදී තවත් ආරවුලකට මඟ කියන හැකියාවක් ඇතැයි නිරීක්ෂකයෝ අනතුරු අඟවති

Search