ඊශ්‍රායල-ඉරාන ගැටුමට එක්සත් ජනපදය මැදිහත්වීමක් පිළිබඳ තීරණය සති දෙකක් තුළ ගනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම යුද්ධය සඳහා ඇමරිකාවේ මැදිහත්වීම සිදුවේද නැද්ද යන්න සම්බන්ධව විදෙස් දේශපාලන විශ්ලේෂකයන් අතර බෙදුනු මතයක් පවතී.
මේ අතර ඉරාන මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට එල්ල වීමෙන් පසු, ඉරානයේ උත්තරීතර නායකයාට “තවදුරටත් පැවතීමට ඉඩ දිය නොහැකි” බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් සොරෝකා රෝහලට විශාල වශයෙන් හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
කෙසේවෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මිසයිල ප්‍රහාරය රෝහල අසල පිහිටි හමුදා ස්ථානයක් ඉලක්ක කරනු ලැබූවක් මිස රෝහල ඉලක්ක කර නොගත් බවය