මිනිත්තු 59 පෙර BBC
සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.
එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් හමුදාව පවසන්නේ එය කුමන්ත්‍රණයක් නොවන බවය. සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව අවධාරණය කරන පාලක සානු-පීඑෆ් පක්ෂය ද අවධාරණය කරන්නේ එය "සාමකාමී ලෙස බලය පවරාදීමක්" පමණක් බවය.
එහෙත් "කුමන්ත්‍රණයක සියලු ලක්ෂණ" පවතින තත්වය තුළ දකන්ට ලැබෙන බව සිම්බාබ්වේ හි සිටින බීබීසී වාර්තාකාරිය ශිම්ගයි නියෝකා (Shimgai Nyoka) පවසයි.
රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ හමුදා ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බව කියා සිටි නමුත් ඔහු සිටින්නේ කොතැනක දැයි සඳහන් නොකළේය.
සිම්බාබ්වේ හි දැනට පවතින තත්වය සැකෙවින්: (ලන්ඩනයේ වේලාවෙන්)
8:00 - හමුදා රථ මගින් හරාරේ අගනුවර පාර්ලිමේන්තු මන්දිරය අසල සහ පාලක පක්ෂයේ මූලස්ථානය මාර්ග අවහිර කරනු ලැබ ඇති බවට වාර්තා පළ වෙමින් තිබේ.
ඊට කලින් ජනාධිපති මුගාබේ ගේ පෞද්ගලික නිවාසය අසල සහ අගනුවර උතුරු ප්‍රදේශයේ වෙඩි හඬ සහ පිපිරීම් හඬ අසන්නට ලැබුණි.
7:45- හමුදාව අගනුවර බලය අත්පත් කරගැනීමෙන් පැය කිහිපයකට පසුව වාර්තාවක් පළ කරන දකුණු අප්‍රිකානු වෙබ් අඩවියක් පවසන්නේ ජනාධිපති රොබට් මුගාබේ "පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් සිටින" බවය.
එමර්සන් නන්ගග්වා (Emmerson Mnangagwa)
7:30 - හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගග්වා (Emmerson Mnangagwa) අන්තර්වාර ජනපති පදවියට පත් කරන ලද බව සානු-පීඑෆ් පක්ෂය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
75 හැවිරිදි හිටපු උප ජනාධිපතිවරයා ආණ්ඩුවට "ද්‍රෝහී වූ" බව පවසමින් රොබට් මුගාබේ විසින් පසුගියදා පදවියෙන් පහ කරනු ලැබුවේය.