ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිටින සියලු ම ජනතාව වහා ම ඉවත් වන්නැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සිය සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
එම නිවේදනය නිකුත් කරන ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය තවදුරටත් පවසන්නේ, ටෙහෙරාන් අගනුවරට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රයාලය හමුදාව විසින් අනතුරු ඇඟවීම් සිදු කරනු ලැබ ඇති බව ය.
ජූනි 14 වන දා සිට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.