ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියට ඊශ්‍රායලය මීට ටික වෙලාවකට කලින් ප්‍රහාර එල්ල කර තිබේ .ෆාර්ස් පුවත් ඒජන්සිය ( Fars News Agency ) සඳහන් කරන පරිදි මේ වන විට ගිනි නිවීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීමට විශාල වෙහෙසක් දරමින් සිටිති . එක්වරම ඩ්‍රෝන යානයකට සමාන යානයකින් පැමිණ එම ප්‍රහාරය එල්ල කර ඇතැයි ප්‍රාදේශීය මුලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂි තහවුරු කල බව ෆාර්ස් පුවත් ඒජන්සිය වැඩි දුරටත් කියා තිබේ .
දැවැන්ත ස්වාභාවික වායු නිධියක් වන දකුණු පාර්ස් /උතුරු ගෝලාකාර ක්ෂේත්රය , පෘථිවියේ විශාලතම ස්වාභාවික වායු නිධිය ලෙස හැඳින්වේ. එය ඉරානය සහ කටාර් අතර බෙදී තිබේ . ඉරාන කොටස දකුණු පාර්ස් ලෙසත් , කටාර් කොටස උතුරු ගෝලීය කොටස ලෙසත් හැඳින්වේ.
ලෝකයේ ගෑස් අපනයනය කෙරෙහි මෙය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව නොරහසකි