අමෙරිකාව සමඟ ඇතිකරගත් වෙළෙඳ ගිවිසුම චීනය උල්ලංඝනය කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය.
තියුනු විවේචනය ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර යලි ඇවිළුණු වෙලඳ යුද්ධයක සම්භාවිතාව සකසමින්, ගිවිසුමේ රැඳී සිටීමේ බලය පිලිබඳව සැක පහළ කරන බව ජාත්‍යන්තර විචාරකයින් පවසයි.
සිය අදහස් දැක්වීමේදී ට්‍රම්ප් පවසා ඇත්තේ චීනය අමෙරිකාව සමඟ ඇති ගිවිසුම මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවයි.
කෙසේවෙතත් ගිවිසුම කඩ කිරීමට චීනය ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න ට්‍රම්ප් පවසා නොමැත.
කෙසේවෙතත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සිදුව ඇත්තේ අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් එක්සත් ජනපද-චීන වෙළඳ සාකච්ඡා ගැන අශුභවාදීව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
වෙළඳ සාකච්ඡා දැනට නැවතී ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ ඔවුන් සමඟ තවත් සාකච්ඡා පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.