ඊයේ රාත්‍රියේ ඇති වූ ගිණ්නකින් ලෝක උරුමයක් වූ පැරිස් නුවර නොත්‍ර-දාම පල්ලිය විනාශ වී ඇත.ප්‍රංශ ඉතිහාසයේ සාඩම්බර නිර්මාණයක් වූ වසර 850ක් පැරණි නොත්‍ර-දාම පල්ලිය එහි ඝංඨාර කුළුණු ද්විත්වය පමණක් ඉතිරි කරමින් සම්පූර්ණයෙන් දැවී අළු වී ගොස් ඇති බව වාර්තා වෙයි.
ගොතික් ගෘහ නිර්මාණ කලාවේ අද්විතීය නිමැවුමක් වූ නොත්‍ර-දාම පල්ලිය වසරකට මිලියන 13ක් පමණ සංචාරකයන් පැමිණෙන ස්ථානයකි.මනුතාපය ( Le Misarable- Victor Hugor) නවකතාවේ "නොත්‍රදාමයේ කුදා" රැකියාව වශයෙන් කළේ නොත්‍ර-දාම පල්ලියේ ඝංඨාර ක්‍රියාකරුවා ලෙසයි.
මේ වන විට දහස් ගණන් ජනතාවක් සංවේගයෙන් යුතුව පල්ලිය ඉදිරිපිට රැස්වී සිටින අතර ඔවුන්ට මෙම ඛේදවාචකය අදහා ගැනීමට පවා නොහැකි වී ඇත.එහි සැකිල්ල බේරා ගැනීමට ප්‍රංශ ගිණි නිවන හමුදාව මහත් උත්සාහයක් යොදමින් සිටිති.මිල කළ නොහැකි නොත්‍ර-දාම උරුමය ඕනෑම මිලක් ගෙවා නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවල් මැක්රෝන් පවසයි.
"නොත්‍ර-දාමය යනු අපගේ ඉතිහාසයයි.අපගේ සාහිත්‍යයයි.අපගේ විශිෂ්ඨත්වයේ සංකේතයයි.අපගේ නිදහස,යුද්ධය හා ජීවිත වල කේන්ද්‍රස්ථානයයි."
ජනාධිපතිරයා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටියි.