ලලිත් -කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් පනවා ඇති නඩුවට අදාළව මාර්ග ගත ක්රමවේදය ඔස්සේ සාක්ෂි ලබාදීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්රාත් අධිකරණය අවසර ලබාදී ඇත.
2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට මීට පෙර 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පෙනී සිටින ලෙස දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කරන තිබිණ.