පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ආශ්රිත ප්රදේශයන් තුල එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්රදේශයේ බොහෝ පිරිසක් මෙන්ම වෙසක් දන්සැල් පවත්වන සංවිධායක පිරිස්ද ෂ්කරථාවයනක්ට පත්ව ඇත.
මේ වන විට මෙම ප්රදේශයන් තුල බෝංචි ක්රිලෝව රුපියල් 650ත් 700ත්, ලික්ස් ක්රිලෝව රුපියල් 350ත් 400ත්, මාළු මිරිස් ක්රිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් ක්රිලෝව රුපියල් 400ත් 450ත්, වම්බටු ක්රිලෝව රුපියල් 380ත් 420ත්, ගෙඩි ගෝවා ක්රිලෝව රුපියල් 150ත් 200ත්, තක්කාලි ක්රිලෝව රුපියල් 450ත් 500ත්, පතෝල ක්රිලෝව රුපියල් 500ත් 550ත්, නොකෝල් ක්රිලෝව රුපියල් 350ත් 400ත්, වැටකොළු ක්රිලෝව රුපියල් 450ත් 480ත් වට්ටක්කා ක්රිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට විකිනෙනු ඇත