අප රට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙන බවත් මේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකර බොරු සංඛ්‍යා ලේඛන වලින් ජනතාව රවටන අන්දවන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් රටේ ඇති බවත් සෑම විටම ඇත්ත කතා නොකර බොරුව වපුරා ගැටලු නැති බව පෙන්වමින් කිරිපිටි, ඉන්ධන මිල ආදිය වැඩි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තෙල් හා කිරිපිටි මිල වැඩි වන්නේ රටෙ ඇති ආර්ථික අවදානම නිසා බැවින් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් ලෝක සම්මත ආර්ථික මතය අනුව විදේශ සංචිත අවම ආනයන වටිනාකම මාස 3ක ප්‍රමාණය විය යුතු බවත් ජනාධිපතිවරයා කියන ආකාරයට රටට ඩොලර් බි 7ක් ඇති බව පැවසුවත් මසකට දළ වශයෙන් ඇ. ඩො. බි. 2ක් වැය වන බවත් මාස තුනට බි.6ක් තිබිය යුතු බවත් රුපියල අවප්‍රමාණ වීම සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ හැකියාව අඩුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමග පැවැති හමුවකදීය.*
මේ බිලියන 7 ඇතුළත චීන යුආන් බි.1.2ක් ඇති නමුත් එය භාවිත කළ නොහැකි බවත් භාවිත කළ හැක්කේ ඩොලර් බි. 5.8ක් බවත් තෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේ 2022 දී 95 පෙට්‍රල් මිල රු. 470ක් වන විට අද 410ක් වන නිසා මේ අගය වැඩි වුවහොත් බංකොලොත් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෑතකාලයේ විදේශ ප්‍රේෂණ වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය නිසා ඒ කලාපයේ ඇතිවන ආර්ථික අස්ථාවරත්වය නිසා රැකියා අහිමි වීමෙන් එය අඩුවිය හැකි බවත් රජය මේවා පැහැදිලි නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද 2027 මාර්තු මාසයේ දී IMF ගිවිසුම අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් රටකට ලැබෙන ස්ථායිකරණ ශක්තිය ආදිය ඉවත් වන බවත් ප්‍රේෂණ අඩුවී තෙල් මිල ඉහළ ගොස් රුපියල අවප්‍රමාණ වුවහොත් දැඩි අවදානමක් මතුවන බවත් 2028 සිට අපට විදේශ ණය ගෙවීම බි. 1.5 සිට 3.5දක්වා වැඩි වන බවත් මේ නිසා රටේ සංචිත වැඩි කළ යුතු බවත් අප රටේ සංචිත ඇ. ඩොලර් බිලියන 13.4 හෝ 14ක් විය යුතු බවට IMF කිව්වත් දැනට ඇත්තේ 50% බවත් මේ ඉලක්කය කරා යන්න මසකට ඇ. ඩොලර් මි. 600ක් අවශ්‍ය නමුත් දැනට මි. 60ක් පමණක් මාසික සංචිත ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ නිසා දැන් මේ සාමාන්‍ය තත්ත්වය යටතේ අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යා යුතු බවත් එවිට ප්‍රශ්න අඩු අසහනය පීඩනය අඩු ගිවිසුමක් කරා යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වත් එයද නොමැති බවත් විදුලි බිල 33%කින් අඩු කිරීම කරනවා කිව්වත් එයද නොමැති බවත් ගොවියාට නිසි ප්‍රමිතියෙන් පොහොර නැති බවත් අද ගොවියා අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
https://youtu.be/N2B6p0cQc5M?si=SwE9xoYlgIQi2xUH