හලාවත මාදම්පේ සමූපකාරයේ අධ්යක්ෂ මණ්ඩලය තේරී සඳහා වන නිලවරණය පසුගිය දා පැවැති අතර එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ පොදු විපක්ෂයට හැකි විය.
ඒ අනුව අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 7/7ම දිනා ගැනීමටත් එහි සභාපතිකම සහ උප සභාපතිකම ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි වූ අතර ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට කිසිදු අධ්යක්ෂ ධුරයක් ලබා ගැනීමට නොහැකි විය