පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය මැයි මස 20වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ඔහුව තවදුරටත් රඳවුම් භාරයේ රඳවා ගැනීමට අධිකරණය මෙහිදී නියම කර තිබේ.