මැදපෙරදිග යුද්දයෙන් දිළිඳු රටවලට දැඩි බලපෑමක් ! - IMF, ලෝක බැංකුව සහ IEA අනතුරු අඟවයි!

මැදපෙරදිග යුද්දයෙන් දිළිඳු රටවලට දැඩි බලපෑමක් ! - IMF, ලෝක බැංකුව සහ IEA අනතුරු අඟවයි!

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම හමුවේ

අඩු ආදායම්ලාභී රටවල් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන තුනක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකු සමූහය පවසන්නේ මෙම ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්තීන්, ආහාර සහ ශ්‍රම වෙළෙඳපොළවල් දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බවයි.

එම නිවේදනයේ සඳහන් ප්‍රධාන කරුණු කිහිපයක් වන්නේ;

* දිළිඳු රටවලට දැඩි බලපෑමක්:

බලශක්ති ආනයනය මත යැපෙන අඩු ආදායම්ලාභී රටවලට තෙල්, ගෑස් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බරපතළ ගැටලු මතුව තිබේ.


* බලශක්ති වෙළෙඳපොළ අස්ථාවරත්වය:

හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන බලශක්ති සැපයුම් මාර්ග තවමත් යථා තත්ත්වයට පත් වී නොමැති අතර, නැව් ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් වුවද ගෝලීය සැපයුම් ජාලය යථා තත්ත්වයට පත්වීමට දීර්ඝ කාලයක් ගතවනු ඇත.

* සංචාරක සහ රැකියා:

යුද්ධය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය සහ රැකියා වෙළෙඳපොළද දැඩි ලෙස පසුබෑමකට ලක්ව ඇති බව එම ආයතන පෙන්වා දෙයි.

මෙම අසීරු කාලසීමාව තුළ අදාළ රටවලට අවශ්‍ය ප්‍රතිපත්තිමය උපදෙස් සහ මූල්‍ය ආධාර ලබා දීමට තමන් සූදානම් බව IMF සහ ලෝක බැංකුව මෙහිදී අවධාරණය කර ඇත.

News 1st

Joint Statement by the Heads of the International Energy Agency, International Monetary Fund, and World Bank Group


 

Search