ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය සතියේදී ආසන සංවිධායකයින් පත් කිරීමට කටයුතු කළා.
මෙය පැවැත්වුණේ බත්තරමුල්ලේ, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී.
පොහොට්ටුව මේ වන විටත් තරුණ ආසන සංවිධායකයින් දිවයින පුරා පත් කරමින් යන්නේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අදහසකට අනුවයි.
මෙම පත්වීම් ලබාදීමෙන් පසු නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න සහ ඩී.වී චානක තේ එකක් බීමට එතැන තිබූ කාමරයකට පැමිණියා.
දැන් විදුලි බිලත් වැඩිවෙලා සංජීව එදිරිමාන්න කතාවට මුල පිරුවා.
මේ ඔක්කොම වෙන්නෙ බාල ගල් අඟුරු නිසා ඒකෙ බර ජනතාව පිට පටවලා නාමල් පැවසුවා.
මාර රස්නයක් තියෙන්නෙ ඉරට හැතැප්මයි කියන්නෙ නිකන් නෙවෙයි එහෙම කිව්වේ නාමල්.
මේ බාල ගල් අඟුරු නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක් උනත් එන්න පුළුවන් ඩී.වී.චානකත් කතාවට එකතු වුණා.
ඔව් ඒක ඇත්ත ඩී.වී බලශක්ති ඇමතිට කිවුවා ඕනෑම නාලිකාවක විවාදයට එන්න කියලා කෝ තාම ආවෙ නෑ සංජීව එදිරිමාන්න පැවසුවේ සිනාසෙමින්.
නාමල් මන්ත්‍රීතුමත් කිවුවා පහුගිය දවසක චෝදනා තියෙනවනම් විපක්ෂය කියනකම් ඉන්නෙ නැතිව අයින් වෙන්න කියලා සාගර කාරියවසම් කිව්වා.
දැන් බලන්න ගල් අඟුරුවලින් වංචාවක් වෙලා තියෙනවා කියලා පෙනි පෙනී ජනාධිපතිතුමත් නොදැක්කා වගේ ඉන්නවා අනික කුමාර ජයකොඩිව රකිනවා. අනිවාර්යෙන් ජනාධිපතිතුමා තමයි වංචාකරන අයව ආරක්ෂා කරන්නෙ. ඒ නිසා අපිට මේ ගල් අඟුරු වංචාවට ජනාධිපතිතුමත් සම්බන්ධයි කියලා හිතන්න වෙනවා නාමල් සාගරට ප්‍රතිචාර දක්වමින් පැවසුවා.
මල් පැල එවනවා කියලා ජවිපෙන් එවලා තියෙන්නෙ වල් පැලනෙ ඩී.වී චානක කියන විට හැමෝටම සිනහව නතර කරගත නොහැකි වුණා.
මහජන හඬේ මාධ්‍ය සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා තියෙනවා ඒකෙදි මම ගල් අඟුරු වංචාව පිළිබඳව කතා කරනවා එසේ පැවසුවේ සංජීව එදිරිමාන්න.
ඔව් ඒක හොඳයි ඇත්තටම මේක ජනතාව දැන ගන්න ඕනෙ ඇත්ත මොකක්ද කියලා.ඩී.වී චානක බාල ගල් අඟුරු පිළිබඳව දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කළා.
බලමු දැන් විපක්ෂය ආණ්ඩුවේ කකුලෙන් අඳින්නෙ නෑනෙ. හැබැයි අපි ගල් අඟුරු වංචාව ගැන ජනතාව දැනුවත් කරන්න ඕනෙ නාමල් රාජපක්ෂ කිව්වා.
දැක්කද ලාල්කාන්තගෙ ගෙදර දානයක් තිබ්බ. ඒක වයිරල් වෙලා සාගර සිය දුරකථනයෙන් එහි වීඩියෝවක් පෙන්නුවා.
ඒක ලොකු දෙයක් බෞද්ධානුකූලව වැඩ කරන එක නාමල් කිව්වා.
ඇයි හදුන්ගෙ V8 එක ඒකත් වයිරල් සංජීව එදිරිමාන්න කියා සිටියා.
ඔව් තෙල් අඩුවෙන් කරන ඔය වාහනේ එන්ජින් එක හොයාගන්න ඕනෙ කියලා නාමල් කිව්ව කතාවට සියල්ලෝම සිනාසෙන්නට වුණා.
හෙලිකොප්ටරෙන් යන්නෑ කියලනෙ ආවෙ බලන්න රැවටීමේ තරම ඩී.වී චානක කිව්වා.
දැන් මට තව රැස්වීම් දෙකකට යන්න තියෙනවා මම එහෙනම් පිටත්වෙනවා යැයි පවසා නාමල් එතැනින් පිටත් වුණා.