පසුගියදා පාර්ලිමේන්තුවේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවති හමුවේදී ආණ්ඩුවට රටේ දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් කතා කිරීමට කිසිඳු අයිතියක් නැති බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් සඳහන් කර තිබේ.
මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානින් ශ්‍රී ලංකාවේ දූෂණ වැළැක්වීම සම්බන්ධව කරුණු සමාලෝචනය කිරීමේදීය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති අර්චුනා මන්ත්‍රීවරයා, ප්‍රධාන හේතු තුනක් මත වත්මන් ආණ්ඩුවට දූෂණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වන පසුබිමක දූෂණය වැළැක්වීම ගැන කතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත.
ඉන් පළමු චෝදනාව එල්ල වන්නේ සභානායක සහ කැබිනට් අමාත්‍ය බිමල් රත්නායකට බව පවසා ඇති හෙතෙම, ඇමතිවරයාගේ දැනුවත්භාවය යටතේ නීති විරෝධී ලෙස වරායෙන් කන්ටේනර් 323 නිදහස් කිරීම බරපතළ දූෂණයක් බව අවධාරණය කර තිබේ.
එසේම කැබිනට් ඇමති කුමාර ජයකොඩිට ගල් අඟුරු ආනයනයේදී රුපියල් කෝටි සිය ගණනක් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
මීට අමතරව කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ද බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් සිදුකරන ලද මෙම දූෂණ ක්‍රියා සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තොරතුරු දන්නේදැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අර්චුනා මන්ත්‍රීවරයාට මූල්‍ය අරමුදල් නියෝජිතයින් පවසා ඇත්තේ, තමන්ට ඒ පිළිබඳව කිසියම් දැනීමක් ඇති බවයි. ඒ අවස්ථාවේදී රැස්වීමේ සිටි මුදල් නියෝජ්‍යය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වා තිබේ.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මුලසුන දැරූ මෙම රැස්වීමට සෙසු මැති ඇමතිවරුන් සමග රවී කරුණානායක, මනෝ ගනේශන්, හිස්බුල්ලා ඇතුළු පිරිසක් ද සහභාගී වුහ. මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ නායක එවන් පැපජෝජියෝ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද මීට සහභාගි වේ සිටියහ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන තොරතුරු අනුව මන්ත්‍රී අර්චුනා මතු කළ චෝදනා හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත් වූ පත්වු බව ඇමති අනිල් ජයන්ත ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පැමිණිලි කර තිබේ.