විදුලි ගාස්තු වැඩිවීම හේතුවෙන් මෙම අවස්ථාවේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසනවා.
එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පැවසුවේ ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සලකා බලන්නේ වසරකට දෙවතාවක් බැවින් ජුනි මස 30 දක්වා ජල ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
පවතින වියලි කාළගුණ තත්වය හේතුවෙන් ජල සැපයුම සම්බන්ධයෙන් මේ වන විට ගැටළුවක් මතුව ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පැවසුවේ මහවැලි ජලාශ ආශ්‍රිතව සියයට 55ක පමණ ජල ධාරිත්වක් මේ වන විටත් පවතින බවයි.
මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම නිසා පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීම අදියර වශයෙන් ඊයේ ආරම්භ වුණා.
ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ජල සැපයුම පැය 24 කට සීමා කිරීම ඊයේ රාත්‍රි අටේ සිට අද රාත්‍රි 8 දක්වා ක්‍රියාත්මකයි.
හෝමාගම ප්‍රදේශයේ ජල කප්පාදුව සිදුවන්නේ අද රාත්‍රී අටේ සිටයි.
ඒ අනුව එම ප්‍රදේශයේ ජල කප්පාදුව හෙට රාත්‍රි අට දක්වා සිදුවනවා.
එමෙන්ම පැලැන්වත්ත ප්‍රදේශයේ ජල කප්පාදුව හෙට රාත්‍රී අටේ සිට 5 වනදා රාත්‍රී අට දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීම ඊයේ සිට ආරම්භ වුණා.
ඒ අනුව එම ප්‍රදේශවලට දිනක් හැර දින රාත්‍රි 10 සිට පසුදින රාත්‍රී එක දක්වා පැය 3ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
එම ජල කප්පාදුව ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මකය බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.