දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවී සාකච්ඡා කළේය.
එම නියෝජිත පිරිස අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් එක්ව සිටියේය.
අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායකයින් හමුවූයේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන්ය.
ඒ සඳහා සර්වජන බලය නායක දිලිත් ජයවීර, රවී කරුණානායක, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා එක්ව සිටියේය.
කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව නොසිටි බව වාර්තා වේ.
මෙහිදී ගාස්තු ඉහළ දැමීම, උද්ධමන කළමනාකරණය, බාහිරින් එල්ල වන පීඩනයන් මෙන්ම තිරසාර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබේ.