උදය ගම්මන්පිල විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා යාම’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට තලතා අතුකෝරළ, සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වීම ගැන කනගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක පවසයි.
x පණිවිඩයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත.
මෙම පොත රාජපක්ෂලාට සුදුහුනු ගෑමේ උත්සාහයක් හෙයින් ඊට තමන් නොයෑම ගැන සතුටු වන බවද ඔහු එහි සඳහන් කර ඇත.
'එළිදක්වන්න තිබුණේ අප්‍රේල් 01දා'
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බව කියමින් පැවැති එම පොත දොරට වැඩීමේදී ඒ පිළිබඳ සොයාබැලීමට ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ තිබූ සහරාන්ගේ නම පමණක් බවද පෙන්වාදෙන නාවින් දිසානායක, එම පොත එළිදැක්වීම කළ යුතුව තිබුණේ අප්‍රේල් 01 වැනිදා බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
( dinamina | රන්මලී සෝමසිරි)
theleader.lk