විදුලි ගාස්තු සංශෝධනයක් නැවතත් යෝජනා කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
හෙට (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට දහයකින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ (30) අනුමැතිය ලබා දුන්නේය.
විදුලිය බිල සියයට 13.56කින් වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය පසුගිය 13 වැනිදා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සහ ජනතාවගේ අදහස් සලකා බැලීමෙන් පසු විදුලි බිල සියයට දහයක වැඩි කිරීමකට මෙසේ අවසර දෙන ලදී.
( lankalokaya | අසේල පෙරේරා)
theleader.lk