මේ වන විට බරපතල අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙන බවත් මැදපෙරදිග යුද්ධය අපේ රටින් පරිබාහිරව සිදු වුවත් එයට අපට රටක් ලෙස වගකිවයුතු නොවූවත් රජය වගකීම සහ වගවීම සිදු කළ යුතු වැදගත් දෙයක් වන්නේ මේ යුධමය තත්ත්වය ගැන පූර්වයෙන් සූදානම් වීම බවත් ඇමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වූ ඉරානයට ප්‍රහාර එල්ල කළේ 2025 ජුනි මාසයේ බවත් රටක් පාලනය කරන විට රජයේ වගකීම වන්නේ රට මුහුණ දෙන අවදානම් තත්ත්වය ගැන පුරෝකථනය කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ට්‍රම්ප්ගේ න්‍යාය තුළ වෙනිසියුලාවට, කියුබාවට වුණ දේ ගැන රජය අවධානයෙන් සිටියා නම් මේ කිසිවක් නොවන බවත් රජය මේවා ගැන නොදැන සිටිය නිසා අද අතරමං වී ඇත්තේ ලක්ෂ 220ක් ජනතාව බවත් මේවා දැනගෙන සිට පුරෝකථනය කර මීට වඩා වැඩි සූදානමකින් රට මෙහෙයවීමට හැකියාව තිබු බවත් අංගසම්පූර්ණව විසදුම් දිය නොහැකි වුවත් මේ අවදානම්වලට සූදානම් වීම කළ යුතු වුවත් රජය කළේ විපක්ෂය මේවා ගැන කියද්දි සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කිරීම බවත් 2019ත් 2024ත් ජයගත්තේ බොරුව සහ රැවටීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ පැවැති ‘බොරු මදිවට හොරු - අනුර Fail, ජනතාවට අමාරුයි ආර්ථිකය අනතුරේ’ යන තේමාව මුල් කර ගත් සමගි ජන බලවේගයේ මහජන කථිකාවත අමතමිනි.*
හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමිම නිසා රටට බරපතල අවදානමක් වන නිසා රජය ගත් පියවර ගැන විදේශ ඇමතිවරයාගෙන් විමසු අවස්ථාවේ විදේශ අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ ඒ නිසා අප රටට බලපෑම් නොවන බව වුවත් මේ සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් තෙල්, පොහොර, ගෑස්, ඖෂධ ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකට මේ නිසා බලපෑම් සිදු වූ බවත් බොරුවට ආයු කාලය කෙටි බව පෙන්වමින් ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවේ දී අපේ සමුද්‍ර ගමනාගමනය ගැන ගිවිසුම් ඇති බව පැවසුවත් යුද සබ්මැරීනයක් ඇවිත් අපේ අනන්‍ය ආර්ථික කලාපයේ ප්‍රහාර සිදු කිරීම මේ ගිවිසුම් කඩ කිරීමක් බවත් මේ ගැනවත් රජයට අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*රජයට ලෝකයේ වෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ*
ඊයේ දින යුධමය තත්ත්වය උත්සන් වී යේමනයේ හූති සටන් කරුවන් මේ යුද්ධයට එකතු වූ වී ඉරානය වෙනුවෙන් ඊශ්‍රාලයට ප්‍රහාර එල්ල කළ බවත් මේ නිසා හෝර්මූස් සමුද්‍ර සන්ධියට පහළින් ඇති බාබ් අල් මන්දාබ් කියන සමුද්‍ර සන්ධිය බලපෑම් සිදුවන බවත් මධ්‍යධරනී, අරාබී, රතු, ඉන්දීය මුහුද ආදී සියල්ල මේ හරහා යා වෙන බවත් මේ හූති සටන් කරුවන් මේ යුද්ධයට එකතු වීම නිසා මේ සමුද්‍ර සන්ධියත් වැසී යාමේ අවදානමක් ඇති බවත් එය අප රටේ යුරෝපා හවුලට යන තේ , ඇගලුම් ආදී සියලු අපනයනවලට බලපෑම් සිදු වුවත් රජයට මේ ගැන කිසිදු අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසිය.
*අපි මේ දේවල් පෙන්වා දෙන්නේ ජනතාව ගැන සිතා*
තමා ඇගලුම් අපනයනකරුවකු නොව බවත් තමා මේ දේවල් පෙන්වා දෙන්නේ දශලක්ෂ ගණනක් වූ ජනතාව ගැන සිතා බවත් මේ සමුද්‍ර සන්ධි දෙක මගහැර යාමට නම් සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා යා යුතු බවත් එවිට දින 10-15ත් අතර වැඩි කාලයක් යන නිසා අපනයන තරගකාරීත්වය පහළ ගොස් අප රටේ අපනයනවලට බලපෑම් වන බවත් මේ නිසා බඩුමිල වැඩි වී උද්ධමනය වැඩි වී බෙහෙත් මිල පොහොර මිල වැඩි වී යා හැකි බවත් ආර්ථිකයට බරපතල මරු පහරක් එල්ල වී විදේශ විනිමය අහිමි වී සංචිතවලට බලපෑම් එල්ල වී මේ කලාපයේ සේවය කරන මිලියනයක් පමණ වන අප රටේ විදේශ ශ්‍රමිකයන්ට පවා බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*රජයට හැමදේම විහිලුවක් විතරයි*
රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ උතුරේ දකුණේ යුද්ධයට අමතරව ගල්ෆ් යුද්ධය තිබියදී පවා රට සංවර්ධනය කර ජන සවිය නිල ඇදුම් පාසල් සිසුන්ට දිවා ආහාරය ගම් උදාව ආදිය ක්‍රියාත්මක කරන ගමන් කුවේට් සිට යුද්ධය නිසා අසරණ වී අප රටට පැමිණි අයට වන්දි පවා දුන් බවත් මෙවැනි අවදානම් තත්ත්වයක් හමුවේ මේ රජයට නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න නොහැකි බවත් දිට්වා සුළි කුණාටුවෙන් පසු විපක්ෂය විසින් රට ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන්න යැයි කිව්වත් රජය එයටද අනේ ප්ලීස් යැයි කියමින් විහිලු සැපයූ බවත් මේ ආධාරක සමුළුව කැදවීම පරක්කු කිරීම නිසා දැන් එය හරියට කළ නොහැකි බවත් මේ වන විට රටවල් යුද්ධය නිසා විපතට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*සත්‍ය යථාර්ථයක් කළ හැක්කේ සමගි ජන බලවේගයට පමණි*
ආර්ථව දරිද්‍රතාව ගැන කියද්දි නිළියන් පවා උපයෝගී කර ගෙන මඩ ගැහුවත් අද එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවත් කාලයක් යද්දි සත්‍ය ජය ගැනීම සිදුවන බවත් මේ සනීපාරක්ෂක පහසුකම් පාසල්වලට පමණක් නොව රටම ආවරණය වන ආකාරයට සිදුවිය යුතු බවත් මේ සත්‍ය යථාර්ථයක් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ඉන්දියාව පාකිස්ථානය තම රටවල් ගැන සිතද්දි අපේ රටට තවමත් සැලසුමක් නෑ*
මේ වන විට අප රටට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අවම බවත් ඉන්දියාවේ අගමැතිවරයා සෘජුවම ඉරානයට කතා කර ඉන්දියාට අවශ්‍ය ඉන්ධන හා ගැස් ලබා ගන්න සාකච්ඡා කළ බවත් ඉන්දියාව සහ පකිස්ථානය ගැටුම් තිබුණත් මේ අවස්ථාවේ තම රටවල් වෙනුවෙන් වැඩ කරන විට අප රටට තවමත් සැලසුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*මේ රජය ගෙන ආවේ බාල ගල් අගුරු*
මැදපෙරදිග යුද්ධය නිසා මිල ඉහළ ගිය නිසා සෑම භාණ්ඩයකම සේවාවකම මිල ඉහළ දාන්න රජය සිතන බවත් මෙවැනි දේවල් කියන රජයම බාල ගල් අගුරු ගෙනවිත් ඒ වංචාවත් යුද්ධය නිසා යැයි කියමින් ජනතාව කරපිට පටවන්න යන බවත් සමගි ජන බලවේගය මාස ගණනාවක් පුරා මේ ගැන රටට හෙළිදරව් කළත් රජය තවමත් විධිමත් පියවර ගෙන නොමැති බවත් නොරොච්චෝල බලාගාරයේ නියමිත විදුලි උත්පාදනය මේ නිසා සිදු නොවන බවත් පුරවැසියන් ලෙස මේ ගැන දැනුවත් විය යුතු බවත් දත්ත හා තොරතුරු කේන්ද්‍රීයව ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු වුවත් අද එවැනි දෙයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
*ජනතාව මේ ගැන නිසි දැනුවත්වීමක් තිබිය යුතුයි*
මහජන උපයෝගීතා කොමිසම පවා කියන ආකාරයට මේ ගල් අගුරු බාල බවට ලිඛිත වර්තාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් මේ වාර්තාව අනුව සම්පූර්ණ ජනන ධාරිතාව මේ බාල ගල් අගුරු නිසා ලබා ගත නොහැකි බවට සදහන් බවත් රුසියානු ගල් අගුරු තත්ත්වයෙන් උසස් වුවත් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ බල ගල් අගුරුවල ගුණාත්මකභාවය අඩු බවත් මේ නිසා අප්‍රෙල් ජුනි ජූලිවල මේ බලාගාර නඩත්තුවට වැසූ පසු විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න*
පොහොර ගැටලුව විසදන්න පොහොරවලට ගසා ඇති වැට් එක ඉවත් කිරීමත් පොහොර සහනාධාරය වැඩි කිරිමත් රජය කළ යුතු බවත් ඊට අමතරව මහාභාණ්ඩාගාරයේ ඇති අතිරික්ත මුදල් උපයෝගී කර ගෙන රටේ ජනතාව මත ඇති බදු බර ඉවත් කර ජනතාවට සහන පැකේජයක් හදුන්වා දිය යුතු බවත් විදුලිය ඉන්ධන මත ඇති බදු බර අඩු කර ජනතාවට සහන දිය යුතු බවත් එය වත්මන් රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සදහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.