පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවෙන් නීතිපති ඉවත් වෙයි

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවෙන් නීතිපති ඉවත් වෙයි

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම්, නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම  (27) අභියාචනාධිකරණය හමුවේ තෙවන දිනටත් කැඳවන ලදී.


එහිදී වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බව රජයේ නීතිඥ අභිගේල් ජයකොඩි අධිකරණයට දැනුම් දුන්නාය.

නීතිපතිවරයා ඉදිරිපත් කළ සමථ යෝජනාවට කථානායකවරයා එකඟ නොවීම මීට හේතුව බව නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණ නියෝග සහ නඩු වාර


අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු ඉදිරියේ මෙම නඩුව විභාග විය. නඩුවට අදාළ ඉදිරි කටයුතු සඳහා අධිකරණය මෙසේ දින නියම කළේය.

සීමිත විරෝධතා ගොනු කිරීමඅප්‍රේල් මස 20 වන දින


ප්‍රතිවිරෝධතා ගොනු කිරීම: මැයි මස 18 වන දින


මීළඟ නඩු විභාගය: ජුනි මස 02 වන දින
 
 
නීතිඥ නියෝජනය

පෙත්සම්කාර චමින්ද කුලරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරුන් පිරිසක් මෙලෙස පෙනී සිටියහ.

* වර්තමාන කථානායකවරයා වෙනුවෙන්: ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන්

* පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙනුවෙන්: ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා

* සහකාර මහලේකම් වෙනුවෙන්: ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා සහ නීතිඥ සුරේන් ඥානරාජ්

* සභානායක බිමල් රත්නායක වෙනුවෙන්: ජනාධිපති නීතිඥ නයිජ්ල් හැච්

* මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වෙනුවෙන්: නීතිඥ ශාන්ත ජයවර්ධන

* විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක සහ ලක්ෂ්මන් කිරිඇල්ල වෙනුවෙන්: ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන

* හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙනුවෙන්: ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

* හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන්: ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

* හිටපු සභානායක සුසිල් ප්‍රේමජයන්ත වෙනුවෙන්: ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්

* කථානායක පෞද්ගලික ලේකම් චමීර ගල්ලගේ වෙනුවෙන්: ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම

| lankalokaya

 

Search