ආර්ථික කටයුතු යථාවත්කිරීම වෙනුවෙන් අධීක්ෂණ කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ආර්ථික කටයුතු යථාවත්කිරීම වෙනුවෙන් අධීක්ෂණ කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජිවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටු 04ක් පිහිටුවීම  වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

01. බලශක්ති කමිටුව - 
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ)
ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සැපයුම් ස්ථාවරව පවත්වා ගෙන යාමට අදාළ හදිසි මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම, සැපයුම් මූලාශ්‍රයන් සහ නව සැපයුම්කරුවන් හඳුනා ගැනීමට

02. රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වා ගෙනයාම සඳහා වන කමිටුව -
(අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වය යටතේ)
රාජ්‍ය සේවය අඛණ්ඩව, කාර්යක්ෂමව භා ක්‍රමානුකූලව පවත්වා ගනිමින් ආර්ථික කටයුතු පවත්වා ගැනීමට මෙන්ම මහජනතාව සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා කඩිනමින් තීරණ ගැනීමට

03. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් අධීක්ෂණය සඳහා වන කමිටුව -
(ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ)
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය හා පුද්ගලික සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වා ගනිමින් මහජනතාවට වෙළෙඳපොළ හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීමට

04. විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාධනය සැලසීම සඳහා වන කමිටුව -
(ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ ප්‍රජා සවිබලගැන්වීම් ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ )
දෛනික ජන ජීවිතයේ ඇති වන ගැටලු සහ බලපෑම් ක්ෂණිතව හඳුනාගෙන අවශ්‍ය ආපන සමඟ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට

 

adaderana.lk 

 

Search