තවමත් QR හදාගන්න බෑ, 1919 දුරකථන ඇමතුම් ගන්න බෑ - විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය

තවමත් QR හදාගන්න බෑ, 1919 දුරකථන ඇමතුම් ගන්න බෑ - විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය
ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය QR කේතය තවමත් සාදා ගැනීමට නොහැකි වී ඇති බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.
 

ඒ අනුව, එහි ලියාපදිංචිවීමට උත්සාහ කළ විට එය සිදු කර ගැනීමට නොහැකි බවත්, 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට අමතන ලෙස ප්‍රකාශ කළ ද එයද ක්‍රියා නොකරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.

එකවර QR කේතය ක්‍රියාත්මක කිරීම හරහා ජනතාව අපහසුතාවට පත්වන බවත්, ලියාපදිංචි වීමට නොහැකිවූ පිරිස් වෙත සීමා සහිතව හෝ, දින දෙකක් හෝ ඉන්ධන ලබාදිමට කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Search