ඛනිජ තෙල් සැපයුමේ අඛණ්ඩත්වය අගෝස්තු මාසය දක්වා තහවුරු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.
ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රටවලට සිදුවන අපනයනයන්ට යම් බලපෑමක් මේ වන විට එල්ල වී ඇති බවත්, ආනයනික ඛනිජ තෙල් මිල ඉහළ යෑමද රටට බලපෑමක් ඇති කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මිල වැඩිවීමෙන් සිදුවිය හැකි වෙනස්කම් සහ අපනයන ක්ෂේත්රයේ යම්කිසි අඩුවක් මෙම මාස දෙකක කාලය තුළ වාර්තා විය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම යුද්ධය ඇදී යන ආකාරය අනුව අමෙරිකාව සහ ඊශ්රායලයම මැදිහත් වී යුද්ධය නවත්වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.