Work From Home යන තරම් තත්ත්වයකට යෑමට තවම ගැටලුවක් වෙලා නැහැ - වසන්ත සමරසිංහ

Work From Home යන තරම් තත්ත්වයකට යෑමට තවම ගැටලුවක් වෙලා නැහැ - වසන්ත සමරසිංහ

පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට (Work From Home) යොමු වුවද, එය දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව වෙළෙඳ, වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව, ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

බලශක්තිය ද ආරක්ෂා කරගනිමින්, ජනතාවට ඉදිරියට ගමන් කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මැදපෙරදිග යුද්ධය රටවල් රැසකට බලපෑම් එල්ල කර ඇති බවත්, පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යෑම තුළින්, ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමට මුහුණ දීමට පාරිභෝගික ජනතාවට සිදු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ‍‍.



 

Search