රජය තෙල් වැඩි කරලා මෙච්චර අපරාධයක් කරන කොට විපක්ෂ නායක උන්දෑ සබ්මැරීන් ගණන් කර කර ඉන්නවා - විමල්

රජය තෙල් වැඩි කරලා මෙච්චර අපරාධයක් කරන කොට විපක්ෂ නායක උන්දෑ සබ්මැරීන් ගණන් කර කර ඉන්නවා - විමල්

ගල්අඟුරු වංචාව වසා ගැනීමට පමණක් නොව, ආණ්ඩුවේ සමස්ත අසාර්ථකභාවය වසා ගැනීම වෙනුවෙන් ඉන්ධන මිල වැඩි කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, ජනතාව විඳින අපා දුකින් ගලවා ගන්නා බවට සහ බදු අඩු කරන බවට ප්‍රකාශ කළ පිරිස්, අද වන විට ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

අද “විපක්ෂ නායකයෙක් ඕනෑ කර තිබේ” යනුවෙන් දැන්වීමක් දැමීමට සිදුව ඇති බවත්, රජය මෙතරම් අපරාධයක් සිදු කරන විටත් විපක්ෂ නායකවරයා සිදු කරන්නේ සබ්මැරීන් ගණන් කරමින් සිටීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ

Search