කොළඹ මහ නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

කොළඹ මහ නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින්, සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන තිබෙන තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි විසින් ඉදිරිපත් කළ පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

 

ඒ අනුව, මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මහලේකම් නිසාම් කාරියප්පර්, කොළඹ තේරීම් භාර නිලධාරි ඇතුළු පිරිසක් නම් කර තිබුණා.මහජන 

 
 

Search