ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

නැව්-ගුවන් යානා ගමනට සීමා පැනවීම් නිසා දැනට ඉල්ලුම් කර ඇති අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.


අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ කාලය දිගු කිරීම) පිළිබඳ විවාදය අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

"යුද තත්ත්වය නිසා නැව් සහ ගුවන් යානා වලට යම් සීමා පනවා තිබෙනවා. මේ නිසා අප ඉල්ලුම් කරන ලද අත්‍යවශ්‍ය සේවාවන් වල ප්‍රමාදයන් ඇති වීමට ඉඩ තිබෙනවා. ඉදිරි සති කීපය ඉතා තීරණාත්මකයි. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අප විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. හදිසි තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට අප කල්පනා කළේ ඒ නිසයි. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැපයීම සඳහා අප විධිමත් සැලැස්මක් සකස් කර තිබෙනවා '' යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 



| lankadeepa

theleader.lk 

Search