ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාද ක්‍රමවේදයක් සකසා ඇති බවය.

එමෙන්ම මේ වන විට දිවයින පුරා සිටින සාමාදාන විනිශ්චයකාරවරුන්ගේ දත්ත ඇතුළත් පද්ධතියක් සකස් කරගෙන යන බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ අනුව යම් පිටපතක් සහතික කිරීමේදී ඔහු සාමදාන විනිෂ්චයකාරවරයෙකුද නැද්ද යන්න දැනගත හැකි වනු බවය.

තවද ඉදිරියේදී මෙම තනතුර සඳහා පත්වීම් ලබා දීමේදී උපරිම වයස් සීමාව 75 දක්වා පමණක් ලබා දෙන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර 

 

"මේක දේශපාලණිකව තවදුරටත් දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම ජීවන දත්ත අවුරුදු දෙකකට වරක් අලුත්වැඩියා කරන්න නව ක්‍රමවේදයක් අපි දැන් හදලා තියෙනවා. එතකොට හැමෝම ඒ ග්‍රාම සේවා සහතික සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරන ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒ වගේම අපි දැන් හදලා ඉවරයි වට්සප් අංකයකුයි, ඊමේල් එකකුයි, ටෙලිෆොන් නම්බරයකුයි. යම් සමාදාන විනිශ්චයකාරතුමෙක් වරදක් කරනවානම් පැමිණිලි කරන්න. තවම සාකච්ඡා කරලා නැහැ එක පාරටම කලින් හිටපු කට්ටියව කැන්සල් කරන්න. සමහරු අවුරුදු 5-10ක් මේක කරලා සුදුසුකම් අරන් තියෙන්නේ හැබැයි ඉතා ඉක්මනින් ඩේටා බේස් එකක් හැදීමේ වැඩේ කරනවා. එතකොට කොහේ සීල් එක ගැහුවත් අපි දන්නවා එයා සාමදාන විනිශ්චයකාරවරයෙක්ද නැද්ද කියලා. එකට දත්ත ඇතුළත් කිරීම තමයි මේ දවස්වල වෙන්නේ... මේක කමිටුවක් මගින් තීරණය කළේ. සාමාන්‍ය මතයක් වුණේ මේ ව්‍යාකූල ලේඛණ ආපුවාම කියවලා තේරුම් ගන්න නිසි මානසික තත්ත්වයක්, සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඉදිරියේදී දෙන ඒවා වයස 75 කියලා කමිටුව තීන්දු කළා. ඒක වෙනස් කරන්න තරම් සාදාරණ සහ යුක්තිසහගත කරුණු දැක්වීමක් මට මේ දක්වා ලැබිලා නෑ."

 

adaderana.lk 
 

 

Search