රජයේ සියලු ම රෝහල්වල පවතින සායනික අපද්‍රව්‍ය කළමනාකරණයේ දි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මත එය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කිරීම සහ එමගින් මූල්‍ය වංචාවක් සිදු කළ බව දන්වමින් 'පුරවැසියෝ සංවිධානය' ලේකම් කැළුම් අමරසිංහ ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් බාර දුන්නේ ය.
ඔහු විසින් සඳහන් කරනු ලැබ ඇති කරුණු සලකා බලා, එම ගිවිසුම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා එයට සම්බන්ධ නිලධාරින් සහ දේශපාලනඥයින් නිතිය හමුවට පමුණුවන ලෙසත්, ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවන පාඩුව නැවත රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇත.
මතු පළ වන්නේ 'පුරවැසියෝ සංවිධානය' ලේකම් කැළුම් අමරසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් සම්පූර්ණ ලිපිය සහ ඔහු එම ලිපිය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වු අදහස් අන්තර්ගත විඩියෝව යි.