අමෙරිකාව විසින් ඉරානය වෙත එල්ල කරන ප්රහාර හෙළා දැකීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඒ අනුව, ට්රම්ප්ට බයේ සිටීමට නොහැකි බවත්, මෙලෙස රටවල්වලට බලහත්කාරයෙන් තර්ජන සිදු කිරීමට ඔහු ගමක සිටින චණ්ඩියෙක්දැයි ගැටලුවක් බවත් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා ප්රකාශ කළා.
රජය මෙම ක්රියාවන් හෙළා දකිනවා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ප්රකාශයක් සිදු කළ යුතු බවත්, වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියා නම් මේ වන විට සභා ගර්භය මැදට පැමිණ සෙන්කෝලය ද රැගෙන යනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
තමන්ගේ රටවල් ගැන තීන්දු තීරණ ගැනීමට ඕනෑම රටකට ස්වාධීන අයිතියක් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.