සමරිසි සංචාරක ප්‍රවර්ධනය නතර කිරීමට ගත් තීරණය නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

සමරිසි සංචාරක ප්‍රවර්ධනය නතර කිරීමට ගත් තීරණය නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ ලිපියක් බල රහිත කිරිමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පෙත්සම්කරුවකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

Search