ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම රනිල් හමුවේ !

ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම රනිල් හමුවේ !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha)

අතර විශේෂ හමුවක් ඊයේ (25) උදෑසන කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික ,දේශපාලන තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවට වාර්තා වේ.

මෙම හමුවෙන් පසු ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මතු දැක්වෙන X සටහන පළකර ඇත.

knklkd

 

 '' මහ කොමසාරිස්තුමා හිටපු ජනාධිපති Ranil Wickremesinghe මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ ආර්ථික වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන ලදී. දෙරටෙහි අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා මෙන්ම කලාපයේ ද සුබසිද්ධිය උදෙසා ඉන්දියා - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීම සඳහා පවතින විභවතාවය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. '

 

[theleader.lk] 

Search