ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ලක්ෂ හැත්තෑ හය දහසක් - ජනක රණවක

ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ලක්ෂ හැත්තෑ හය දහසක් - ජනක රණවක

ගල්අඟුරු වංචාව හේතුවෙන් ලක්ෂ හැත්තෑ හය දහසක පාඩුවක් සිදු වී ඇතැයි කෝටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජනක රණවක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගල්අඟුරු වංචාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනක රණවක... 

''බාල ගල්අඟුරු ටෙන්ඩරය තවමත් කැන්සල් කරලා නැහැ. ඉදිරියේ දී මේකෙන් වෙන පාඩුව දරන්න වෙන්නේ ජනතාවට. මේගොල්ලන් කියනවා පාඩුවක් අය කරගන්නවා කියලා. ඒ පාඩුවේ ජනතාවට බලපාන්නේ කොහොම ද...?   ඉදිරියේදී අප්‍රේල් පළවෙනිදා සිට විදුලි බිල ගණනය කරන්න ඉන්නේ. විදුලි බල මණ්ඩලය මිල වැඩි කිරීමක් ඉල්ලලා තියෙනවා. එය  බලාගාරවල පිරිවැය මත පදනම් විය යුතුයි. විදුලි බිල වැඩි කරන්න එපා කියල අපි ඉල්ලා සිටිනවා. ඊට  විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාරේ  විරෝධය පළ කරනවා.''

 

 

Search