රනිල්ට විරුද්ධව අත තැබීම මහා සාපයක් ! - හරීන් ප්‍රනාන්දු

රනිල්ට විරුද්ධව අත තැබීම මහා සාපයක් ! - හරීන් ප්‍රනාන්දු

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අත තැබීම මහා අපරාධයක් බවත් එය මහ සාපයක්.

බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු පවසයි.

 මේ රටේ මුළු ගුවන් යානා පිටින් අරගෙන රට ගිහිපු නායකයෝ හිටිය බවද ඔහු සිහිපත්කර සිටියි.

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු එබව කියා සිටියේ, කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක දීය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

රට අගාධයට වැටුණු වෙලාවෙ ගොඩදාපු රනිල්...

''කොට හුඹහ වගේම කොට මිනිහා විශ්වාස කරන්න බෑ කියලා ආණ්ඩුවේම ඇමති කෙනෙක් ප්‍රකාශ කළා. තමන්ට වඩා දියුණු උගත් මිනිහෙක් ගැන කොට මිනිස්සුන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවද මං දන්නේ නෑ. රට අගාධයට වැටුණු වෙලාවෙ ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පස්සේ මේ තරම් පන්නන්නේ ඒක නිසා වෙන්න ඇති. ඒක ඉතා පහත් හඹා යෑමක්.

කොහොමත් මේ ආණ්ඩුව නා ගනිමින් පවතිනවා. විශාල නා ගැනීමක් නාගෙන යනවා. මෙය අනුර කුමාර මහත්තයාගේ අවසානයේ ආරම්භය විය හැකියි. රනිල් වික්‍රමසිංහ  රට අසීරුවෙන් ඉන්න අවස්ථාවේ ගොඩ දැමුවා. එතුමා ඒ කළ දේවල් තමන්ගේ වගේ අරගෙන යන මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය කියා දෙයක් තිබෙන බව තේරුම් ගන්නා ලෙසයි.



අප මේක අතහරින්නේ නෑ....

මේ වැරදි කරපු මිනිසුන්ට දඬුවම් ලැබී තිබෙන රටක්. ඒ වගේම අප මේක අතහරින්නේ නෑ. අප ජාත්‍යන්තරයට යනවා. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලුම ජාත්‍යන්තර ආයතන වලට අප මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා.

ඒ වගේම තානාපති කාර්යාල මට්ටමින් වෙනම දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දේශීය වශයෙන් අප හැම දිස්ත්‍රික්කයකම ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, නීතීඥ වරු,තරුණ කණ්ඩායම්,ආදී සියලු පාර්ශ්වවල⁣ට මේ අසාධාරණ පළිගැනීම ගැන කරුණු කියන්න මාර්තු පළමු වැනිදායින් පසු වැඩසටහනක් සූදානම් කර තිබෙනවා.

අප මෙලෙස ඉදිරියට එන විට මර්දනය කරන්නට වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවේ අවුරුදු එකහමාරක් ගතවී ගියා. තව තියෙන්නේ පොඩි කාලයයි. ඒක මතක තියාගන්න. අපිත් ආණ්ඩු වල හිටියා. ඔය වගේ ගොන් පාට් දාන්න ගියාම, ආණ්ඩු කිරීම වෙනුවට පලි ගැනීමට ගියාම අන්තිමට හැරී බලන විට නොදැනීම කාලය ගිහිල්ලා. ඒ කාලේ ගියාම ඔය කියන නිලධාරීනුත් ආණ්ඩුවට ඕන විදියට වැඩ කරන්නේ නෑ.



රාජ්‍ය සේවය විනාශ කරලා...

බොහෝ පහළ ශ්‍රේණියේ නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු විදිහට පත් කරලා තිබෙනවා. රාජ්‍ය සේවය විනාශ කරලා තියෙන්නේ. දේශපාලන පත්කිරීම් මත නිලධාරීන් උඩට ගෙනල්ලා තියෙනවා. මේක ලොකු විනාශයක ආරම්භයක්.

රාජ්‍ය යාන්ත්‍රණය එහෙම් පිටින්ම කඩා වැටිලා. අපිත් යහපාලන කාලේ හොරු අල්ලනවා කියලා ගොං පාට් කැම්පේන් එකක් කරන්න ගියා. ඒක අන්තිමට බිඳ වැටුනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 69 ලක්ෂයක් ඡන්ද අරගෙන.



මාර්තු 19 වැනිදා Read with Ranil

රනිල් වික්‍රමසිංහ පිළිබඳව අනාගත ලෝකයට කියාදීම සඳහා මාර්තු 19 වැනිදා Read with Ranil යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. තරුණ දරුවන්ට රනිල් සමඟ කියවා ගන්න එයින් අවස්ථාව ලැබෙනවා.

හෙට අනිද්දා වන විට අප ඒ වැඩසටහන එළි දක්වනවා. ස්මාර්ට් යූ.එන්.පී වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කරනවා යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු කීය.

 

 

[theleader.lk] 

[voicetube - youtube ] 

 

Search