මහින්දට වෙච්ච දේම නාමල්ටත් වෙයි! ඔක්ස්ෆර්ඩ් දේශනයත් අවලංගුයි! කලින්ම කේම්බ්‍රිජ් එකත් අවලංගු කළා!

මහින්දට වෙච්ච දේම නාමල්ටත් වෙයි! ඔක්ස්ෆර්ඩ් දේශනයත් අවලංගුයි! කලින්ම කේම්බ්‍රිජ් එකත් අවලංගු කළා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් (Oxford Union) දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.


ඒ, ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.

මේවනවිට එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණේ, අදයි.

මීට පෙර, නාමල් රාජපක්ෂ, කේම්බ්‍රිජ්  ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට නියමිතව තිබුණු අතර, මතු වූ විරෝධතා හේතුවෙන් පසුව එය අවලංගු කිරීමට අදාල ශිෂ්‍ය සංගමය කටයුතු කලේ ය.

නාමල් රාජපක්ෂගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විමුක්ති කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව 2010 වසරේ දී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී දෙමල ඩයස්පෝරාවේ විරෝධය හේතුවෙන් එය අවලංගු කෙරින.



මුලාශ්‍රය :

Oxford Union cancels Namal Rajapaksa event after backlash

Search