මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නෙවෙයි යැයි සරත් ෆොන්සේකාම පිලිඅරගෙන තිබෙනවා - නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නෙවෙයි යැයි සරත් ෆොන්සේකාම පිලිඅරගෙන තිබෙනවා - නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොද කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය

ඔහු මෙම අදහස් පලකලේ මාධ්‍යවේදීන් විසින් මෑතකදී සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශයක් ගැන විමසීමේදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

"සරත් ෆොන්සේකට එතුමාට අන්දෝලනාත්මක වෙන්න පුළුවන් හැබැයි මීට පෙර යුද්ධය පවතින අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිවරයා විවෘතව මාධ්‍ය ප්‍රකාශයක් කරා ප්‍රභාකරන්ට ඉතුරු වෙලා තියෙන්නේ ආයුධ බිම තියලා එන්න විතරයි කියලා. හමුදාවට බාර වෙන්න විතරයි කියන එක ඒක අලුත් කාරණයක් නෙවෙයි. තවත් පැත්තකින් සරත් ෆොන්සේකා මහත්තය කියනවා සුදු කොඩි අරගෙන එනකොට මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න අණ දුන්න කියලා තවත් වෙලාවක් වෙනවා ඒ අයට පැනලා යන්න පාරක් හැදුවා කියලා.

අපි පැහැදිලිව කියන්න ඕන අපි සටන් කරේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි.අපි සටන් කරේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක.ඒත් ත්‍රස්තවාදීන්ට පරාජය කරන්න මේ රටේ රණවිරූ දහස් ගණනක් ජීවිත පූජා කරා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එකම අරමුණ තිබ්බේ අවම හානියකින් අවම ජීවිත ගානක් පරිත්‍යාග කරමින් ඒ ත්‍රස්තවාදය අවසන් කරන්න.ඒ සඳහා ගත යුතු හැම කාරණයක්ම ගත්තා 

මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා ෆොන්සේකා මහත්මයාට ඔය ඩවුස් පෝරාව සහ මේ ජවිපෙ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව කියන විදියට මහින්ද රාජපක්ෂ ලේ පිපාසයෙන් ඉන්න මිනී මරන්න ආස කරන කෙනෙක් නොවන බවට ෆොන්සේකා මහත්තයා අද තහවුරු කරලා තියෙනවා.

 

මහින්ද රාජපක්ෂ මහත්තයගේ එකම අරමුණ තිබ්බේ වැඩේම ජීවිත ගණනක් නැති කරපු ඝාතනය කරපු දේපළ විනාශ කරපු රාජ්‍ය නායකයා බවට පත්වෙන්න නෙවෙයි.මේ රටේ වැඩිම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායකයා බවට පත්වෙන්න.නිදහස ගෙනාපු නායකයා බවට පත්වෙන්න.ලංකා ඉතිහාසයේ බස් ගිනි තියලා ගෙවල් ටික් ගිනි තියලා කාර්යාල ගිනිතියලා තැපැල් කන්තෝරු ගිනි තියලා මහා සංඝරත්නය ඝාතනය කරපු රාජ්‍ය නායකයෙක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරපු අධිවේගීමාර්ග හදපු ගුවන්තොටුපලවල් හදපු ඒ කාලේ තිබිච්ච ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත් කරන නායකයා බවට පත්වෙන්න .

 

පැහැදිලිවමද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉලක්කය තිබ්බේ මේ රටේ අවම ජීවිත හානියකින් නිදහස ලබාදෙන්න.ඉතිං ඒ අරමුණට එතුමා ගියා දැන් ඔය හැමෝම බල්ටි ගාන්නේ මහින්ද රචක ජනාධිපතිවරයා සහ රණවිරුවෝ ලබා දුන්න නිදහස මත. 

 

ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අයට මහා සංඝරත්නය දකින්නේ රාජපක්ෂ නිකායේ විදිහට.ඒක ඒ අයගෙන් මානසිකත්වය.මොකද ඒ අයට එක පැත්තකින් මහා සංඝරත්නයට අපහාස කිරීම ඒ අයගේ සම්ප්‍රදාය බවට පත්වෙලා තියෙනවා ඒ හින්දා තමයි ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු මහා සංඝරත්නයට නම කියලා අමන්ත්‍රණය කරන්නේ.අපේ හාමුදුරුවනේ කියලා කියන්නේ වත් නැහැ.එදා වේදිකාවේ අපේ හාමුදුරුවනේ කියන වචනෙත් විහිළුවට ලක් කරා.ඒ වගේම තමයි අනෙක් ආගමික නායකින්වත් යටි ලෙස විවේචනයට ලක් කරනවා.ඉස්ලාම් ආගමික නායකයෝ වෙන්න පුළුවන් හින්දු ආගමික නායකයෝ වෙන්න පුළුවන් කතෝලික ආගමික නායකයෝ වෙන්න පුළුවන් ආණ්ඩුවට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආගමික නායකයෝ එක්ක.අපි පැහැදිලිව මේ රටේ සියලු ආගම්වල ගරුත්වය ආරක්ෂා කළ යුතුයි.   

 

ඒ වගේම මේ රට බෞද්ධ රටක් හෙළ සංස්කෘතියෙන් ගොඩනැගිච්ච රටක් ඒ බෞද්ධාගම සහ ඒ සංස්කෘති ආරක්ෂා වීම තුළ තමයි මේ රටේ අනෙකුත් සියලුම ආගම ආරක්ෂා වෙලා තියෙන්නේ.ඒක හංගන්න ඕන කාරණයක් නෙවෙයි වගේ තමයි ඒක කියන්නේ බය වෙන්න ඕනෙත් නැහැ.මොකද ඒක ජාතිවාදය නෙවෙයි.ජාතිවාදය කියන්නේ උතුරට ගිහිල්ලා එක් ජාතියක් විවේචනය කරන්න තවත් ජාතියක් විවේචනය කරලා දේශපාලන වාසි ගන්න එකට තමයි ජාතිවාදය කියන්නේ .

 

එහෙම නැත්නම් මම බෞද්ධයෙන් නම් මට කොන්ද පණ තියෙන්න ඕන මං බෞද්ධයෙක් කියලා කියන්න.ඉතින් බෞද්ධකම ආරක්ෂා කරනවා කියන්නේ හරියට ආරක්ෂා කරනවනම් අනෙක් ආගම් වලට ගරු කරනවා.හැම ආගමේම අයිතිය ආරක්ෂා කරනවා.ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා සහ ආණ්ඩුවට සම්බන්ධ සමහර අයටත් කියන්නේ මේ ගරුතර මහා සංඝරත්නය විවේචනය කරන එක නවත්තන්න.

 

ඒ විවේචනය කිරීම තුළ ඔබ ඉටු කරන්නේ මේ රට දෙකඩ කරන්න මේ රටේ ආගම් ජාතීන් අතර අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන අන්තවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කරනවා මිසක් මෙරට ජනතාවට සාධාරණයක් ඉටු කරන එක නෙවෙයි."

Search