රාජ්‍ය සේවයේ හැමෝ ම හොරු නෙවෙයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස

රාජ්‍ය සේවයේ හැමෝ ම හොරු නෙවෙයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස

රාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන සහ  එවන් කටයුතු සඳහා දායක නොවන බවත්,  ඉතා සුළු පිරිසක් දුෂණ සහ ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකකය කාර්ය්‍යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

එම වැඩසටහන පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්  පැවැති මෙම වැඩසටහනට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ  කොමිෂන් සභාවෙි සම්පත් දායකයින් ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.

 

දූෂණය වැළැක්වීමේ ක්‍රියාමාර්‌ග පිළිබඳව දේශන

සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් පැවැති මෙම පුහුණු වැඩසටහනේ දී සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ දී අභ්‍යන්තර කටයුතු ඒකකවල භූමිකාව, අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් ආයතන තුළ දූෂණ හා අක්‍රමිකතා පැමිණිලි කළමනාකරණය, දූෂණය හඳුනා ගැනීම හා දූෂණයේ ප්‍රතිවිපාක, ආයතන තුළ පවත්නා දූෂණ අවදානම් හඳුනා ගැනීම සහ දූෂණය වැළැක්වීමේ ක්‍රියාමාර්‌ග පිළිබඳව දේශන පැවැත්විණි.

සමස්තයක් ලෙස රට අද පවතින තත්ත්වයට පවත්වාගෙන යෑමට රාජ්‍ය සේවකයින් දක්වන ලද කැපවීම මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ගේ සුවිශේෂී ඇගැයීමකට ලක් වූ අතර, මෙතෙක් අත්පත් කරගත් ජයග්‍රහණ අභිභවමින් ජයග්‍රහණ ඉදිරියේ දී ලබා ගත හැකි බව ද අවධාරණය කළේ ය.

 

දූෂිත නොවන ශක්තිමත් රාජ්‍ය සේවාවක්

රාජ්‍ය සේවාවේ බහුතරයක් දූෂිත නොවන බවත්, සොරකම් සිදු නොකරන හා  එවන් කටයුතු සඳහා දායක නොවන බවත්,  ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බවද අවධාරණය කළේ ය.  

මෙම දූෂිත සුළු පිරිස  මුළු රාජ්‍ය සේවා පද්ධතිය ම දූෂිත බවට පෙන්වීමට කටයුතු සිදු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවාවට එක්වන නිර්දූෂිත  පිරිස දූෂිත සුළු පිරිස අතරට එක්කර ගැනීමට උත්සාහ කරන කරන බව ද පැවසී ය. වර්තමාන රජය කිසිවිටෙකත් දූෂණයට ඉඩ නොතබන බවත්, දූෂණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් නොපොලඹවන බව ද පැවසූ අමාත්‍යවරයා මෙම වැඩසටහන ඉතා වැදගත්, හරවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් බවත් මේ තුළින් දූෂිත නොවන ශක්තිමත් රාජ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කළ හැකි වනු ඇති බවද අවධාරණය කරන ලදී

 

nalinda2

Search