ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල අසල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් මේ වනවිට කුමාරතුංග මුනිදාස මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.