දූෂණ මර්දනයෙන් සහ ආර්ථික ජයග්‍රහණවලින් ශ්‍රී ලංකාව ඉදිරියට - අමාත්‍ය උපාලි පන්නිල

දූෂණ මර්දනයෙන් සහ ආර්ථික ජයග්‍රහණවලින් ශ්‍රී ලංකාව ඉදිරියට - අමාත්‍ය උපාලි පන්නිල

පසුගිය මාස 14 ක කාලය තුළ රජය ක්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දූෂණ මර්දන දර්ශකයේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රකාශ කළේ ය.

මහනුවර සහස් උයනේ පැවති දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන සභා නිලධාරීන්ගේ සමුළුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට පෙර දූෂිත රටවල් දර්ශකයේ පහළ මට්ටමක (187 වැනි ස්ථානය) සිටි ශ්‍රී ලංකාව, වත්මන් දූෂණ විරෝධී වැඩසටහන් හරහා මේ වන විට 102 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.

රටේ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2025 වසරේදී ශ්‍රී ලංකාව විදේශ වෙළඳාමෙන් ඩොලර් බිලියන 1.7ක අතිරික්තයක් වාර්තා කර ඇති බවයි.

මෙය දශක හතකට පසුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, අපනයන, පර්යේෂණ සහ සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම් මෙම තත්ත්වයට ශක්තියක් වූ බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ෆාරිස් සහ නීතිඥ තුෂාරි ජයසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

[newstube.lk] 

Search