ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය ආණ්ඩුව හිතාමතාම රට තුළ නොසන්සුන්තාවයක් ඇති කිරීමට භාවිත කළ උපක්‍රමයක් බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඊයේ [13] කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් දැක්වීය.
"මේ රටට සංවිධානාත්මකව එල්ල කරන සංස්කෘතික ප්‍රහාරය හෙළාදකින්නට තමයි අපි මැදිහත් වුණේ. ත්‍රිකුණාමලයේ සිද්ධිය එකක් පමණයි. ඇත්තටම ඊට වැඩිය බරපතළ සිදුවීම් බොහොමයක් සිදුවුණා. මේක ඔවුන් හිතාමතාම මේ රටේ නොසන්සුන්තාවයක් ඇති කරන්න, ජාතීන් අතර සමගිය නැති කරන්න මේ ආණ්ඩුව භාවිත කරන උපකරණයක්. මේ අපිට හොඳට පේනවා."