මාලිමාවට ඡන්දය දුන් කොළඹ නාගරික මන්ත්‍රීවරියගේ ධූරය අහෝසි කරයි

මාලිමාවට ඡන්දය දුන් කොළඹ නාගරික මන්ත්‍රීවරියගේ ධූරය අහෝසි කරයි

කොළඹ මහ නගර සභාවේ සභිකයෙකු වූ සොහාරා බුහාරිගේ මන්ත්‍රී ධුරය අහෝසි කර තිබේ.


ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කර ඇත.

කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදුන් උපදෙස් වලට පටහැනිව ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකාව වෙනුවෙන් ඇය ඡන්දය භාවිත කර තිබුණි.

පක්ෂයේ සාමා­ජි­ක­යන්ට අයවැයට විරුද්ධ වන ලෙස උප­දෙස් දී තිබි­දීත් අදාළ මන්ත්‍රීවරිය අයවැය යෝජ­නා­වට පක්ෂව ඡන්දය දුන් බැවින් ඇයගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කෙරිණි.

Search