දිත්ව සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවිය.
සුළි කුණාටුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක ආර්ථික හානියක් සිදුවීමත් සමඟ, සම්ප්‍රදායික ණය-පාදක ප්‍රතිසංස්කරණයක් සඳහා යාමට රටට හැකියාවක් නොමැති බවට වූ පැහැදිලි සත්‍යය කේන්ද්‍ර කොටගෙන මෙම හමුව සිදුවිය.
ඒ වෙනුවට, තවදුරටත් ණය බරින් රට යට කිරීමකින් තොරව ශ්‍රී ලංකාව නැවත නැඟී සිටුවීම සඳහා නිශ්චිතව යුරෝපා සංගම් සහයෝගය අපේක්ෂාවෙන් ප්‍රේමදාස විසින් ජාතික මට්ටමින් ඔරොත්තු දීමේ හැකියාව ඇතිකරගනු උදෙසා වූ විස්තීර්ණ උපාය මාර්ගයක් ඉදිරිපත් කරන ලදි.
යුරෝපා විදේශ සේවා ක්‍රියාකාරිත්වයේ (EEAS) ආසියා ශාන්තිකර කලාපය සඳහා වූ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පාවොලා පැම්පලෝනිගේ නායකත්වයෙන් යුරෝපා සංගම් කණ්ඩායම මෙහි පැමිණ සිටියේය. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාමන් මොරේනෝ සහ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ ඈන් වැන්හවුට් සහ ගාලියා අගිෂේවා යන අයද මේ සඳහා සහභාගී විය.
ප්‍රතිසාධනය සඳහා නව උපාය මාර්ගයක්.
සාකච්ඡාව අතරතුර,සජිත් ප්‍රේමදාස විසින් කරුණු හයකින් යුත් රාමුවක් ඉදිරිපත් කරමින්, ආර්ථික ප්‍රතිසංස්කරණය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධව සිදුවිය යුතු බවට තර්ක කරන ලදි.
ඔහුගේ ප්‍රධාන යෝජනා අතර පහත කරුණු ඇතුළත් විය:
ණය නොව, ප්‍රදානයන් සඳහා පෙළැඹුමක්: ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් සඳහා අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙසයි.
එහි අරමුණ වන්නේ ආපදාවෙන් ඇතිවූ දැවැන්ත මූල්‍ය පරතරය පියවීම සඳහා ණය නොවන මූල්‍යකරණය සහ ප්‍රතිපාදන බලමුලු ගැන්වීමයි.
වෙළඳාම ආශ්‍රිත නම්‍යශීලී බව:
යුරෝපා සංගමය අත්‍යවශ්‍ය වෙළඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනිමින්, ඔහු GSP+ අනුකූලතාව සහ "නිෂ්පාදන මූලාරම්භය පිළිබඳ නීති" ආශ්‍රිත තාවකාලික නම්‍යශීලී බවක් ඇතිකරන ලෙස ඉල්ලා සිටියේය.
මෙමගින් අපේක්ෂා කරනුයේ සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇඟලුම් සහ කෘෂිකාර්මික යන අංශ දෙකටම හුස්ම ගැනීමේ හෙවත් යළි යථා තත්ත්වයකට පත්වීමේ ඉඩ ප්‍රස්ථා ලබා දීමයි.
අවදානමට ලක්වූවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන:
ප්‍රේමදාස විසින් වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් රාමුව තුළ "ආපදා-වියදම් සහන අරමුදලක්" වෙනුවෙන් අදහස් දක්වන ලදි. ඔහු අවධාරණය කළේ මෙය දරුවන් 275,000ක් ද ඇතුළත්ව දැනට තියුණු අවදානමකට මුහුණ දී සිටින මිලියන ගණනක් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන බවයි.
වඩාත් සුහුරු ආපදා කළමනාකරණයක්:
ශ්‍රී ලංකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආපදා කළමනාකරණ පනත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුරෝපා සංගමයේ තාක්ෂණික ප්‍රවීණත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්, එම ක්‍රියාවලිය වෘත්තීය, විනිවිද පෙනෙන ලෙස සහ ත්‍රිභාෂාවෙන් සිදුකෙරෙන බවට වගබලා ගැනීමේ වැදගත්කමද එහිදී ඔහු අවධාරණය කළේය.
හරිත රැකියා:
වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශවල හරිත රැකියා උත්පාදනය කිරීමට සහ කාලගුණයට / දේශගුණයට ඔරොත්තු දෙන කාර්මික කලාප ගොඩනැඟීමට යුරෝපා සංගමයේ "ගෝලීය ප්‍රවේශ ද්වාර" මූලාරම්භය යොදාගැනීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡාව තුළ අදහස් හුවමාරු විය.
රාජ්‍ය පාලනය සහ අයිතිවාසිකම්:
ප්‍රතිසංස්කරණය යනු අයිතිවාසිකම් යටපත් කරමින් සිදුවිය නොහැක්කක්ය යන කරුණ විපක්ෂ නායකවරයා විසින් නැවතත් අවධාරණය කරන ලදි. ඔහු විසින් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ආයතනිකගත කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ජාත්‍යන්තරව ප්‍රමිතිගත නීති සමඟින් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ ඩිජිටල් නිදහස ආරක්ෂා කිරීමට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරිම සඳහා වූ සිය කැපවීමද මෙහිදී ප්‍රකාශ කරන ලදි.
ජනතාවට යෝග්‍ය වූ අනාගතයක්.
සංඛ්‍යාලේඛන පිටුපස සිටින ජනතාව වෙනුවෙන් ප්‍රේමදාස විසින් උද්‍යෝගිමත් ආයාචනයක් සිදු කරන ලදි. "ඉන්දියන් සාගරයේ මුතු ඇටය" දශක ගණනාවක් පුරා කැලඹීම් මධ්‍යයේ ඉදිරියට පැමිණියද, එහි ජීවත්වන මිලියන 22ක්වූ අහිංසක පුරවැසියන් සියලු දෙනා සෑම දුෂ්කරතාවයකටම ආකර්ශනීය සිනහවකින් සහ නොනැමෙන උද්‍යෝගයකින් යුතුව මුහුණ දී ඇති බවද ඔහු නියෝජිත පිරිසට සිහිපත් කර දුන්නේය.
"මෙම ලස්සන රට සහ එහි ජනතාවට, එම ඔරොත්තු දීමේ හැකියාවට ලැබිය යුතු ගෞරවය ලැබෙන්නාවූ අනාගතයක් හිමිවිය යුතුය"යි ප්‍රේමදාස ප්‍රකාශ කළේය. "ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ව්‍යාප්තිය එකිනෙක සමාන්තරව, අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු සන්ධිස්ථානයකට අප ජාතිය පැමිණ සිටී."
යුරෝපා සංගම් නියෝජිත පිරිස විසින් මෙම ඵලදායී යෝජනා පිළිගනිමින්, බහු-වාර්ෂික නිර්දේශක වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සඳහා තමන් තුළ පවත්නා කැපවීම නැවත අවධාරණය කරන ලදි.
ප්‍රේමදාස තියුණු කරුණු සිහිපත් කිරිමකින් සිය අදහස් දැක්වීම අවසන් කළේය:
‘’එනම්, රාජ්‍යයේ ණය ගැනීමේ ධාරිතාව අවසන් වී සාම්ප්‍රදායික මාර්ග වැසී ඇති තත්ත්වයක, විනිවිද පෙනෙන, දූෂණ-විරහිත ප්‍රතිසංස්කරණ යාන්ත්‍රණයක් මගින් පමණක් ගෝලීය විශ්වාසය යථා තත්ත්වයට පත් කළ හැකි බවයි. "ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ පමණක් නොව, අවසානයේ තමන් ලබාදෙන දායකත්වයට ගරු කරන මාතෘභූමියක් වෙත උපකාර කිරීමට බලා සිටින අපේම විදේශගත ප්‍රජාවගෙන් ද අත්‍යවශ්‍ය සහයෝගය ලබා ගැනීමට අපි ලෝකය විශ්වාස කරන ක්‍රමයක් ගොඩනඟා ගත යුතුය" යි
එහිදී ඔහු සඳහන් කළේය.