හිටපු ජනපතිවරුන්ට නොතීසි

හිටපු ජනපතිවරුන්ට නොතීසි

ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා එහි උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා.

, මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් හා චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළවයි.

ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

අනුව මෙම පෙත්සම ජූලි මස 20 වනදා අධිකරණය හමුවේ සලකා බලන බව දන්වමින් එහි වග උත්තරකරුවන්ට සතියක් තුළ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

එහෙත් 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාවය සැත්කමක් මාර්ගයෙන් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කරනවා.

මෙවැනි ලිංගික වෙනස් වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරන බව චෝදනා කළ පෙත්සම්කරු එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු පෙන්වා දෙනවා.

පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලට සහාය දෙමින් වර්තමාන රජයද පුද්ගලයින්ට නීති විරෝධී ලෙස ලිංගික පරිවර්තනයන් සිදු කර ගැනීමට අවශ්‍ය සහය දෙමින් කටයුතු කරන බවත් ඔහු සිය පෙත්සම තුළින් චෝදනා කර තිබෙනවා.

මේ ආකාරයෙන් සිය කැමැත්ත පරිදි ලිංගික අනන්‍යතාවය වෙනස්කම් සිදු කිරීම හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත් එයද නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දෙනවා.

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නිකුත් කළ තීන්දුවකට අනුව ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය පරිදි ලිංග භේදය තීරණය කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර ඇතැයි පෙත්සම්කරු සඳහන් කළා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට ඉඩ සැලසීම තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙනවා.

අනුව ජීව විද්‍යාත්මක පදනමකින් බැහැරව සිය අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන සියලු චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

 

[nethnews.lk]

Search