බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 162 කට අධික මුදලක් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළා.